වැඩබලන අගවිනිසුරු ලෙස එස්.තුරෙයිරාජා දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

by Staff writer 07-11-2025 | 5:28 PM

COLOMBO (News 1st) - වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද  ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත මෙරටට පැමිණෙන තෙක් ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.