අයවැයෙන් මහල් 16කින් සමන්විත ජාතික හෘද ඒකකයක් ස්ථාපනයට රු.මිලියන 12000ක්.

by Staff writer 07-11-2025 | 4:53 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් අයවැයෙන් මහල් 16කින් සමන්විත ජාතික හෘද ඒකකයක් ස්ථාපනයට රු.මිලියන 12000ක් වෙන් කෙරේ.

ශ්‍රී ලංකාවේ හෘද ආශ්‍රිත රෝග (Cardiovascular diseases) සැලකිය යුතු මට්ටමක පවතින අතර සමස්ථ මරණවලින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට මෙය හේතු වේ. එමෙන්ම එය අඛණ්ඩව වර්වධනය වෙමින් පවතී. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම දියුණු හෘද රෝග සත්කාරක මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වුවත් සීමිත ඉඩකඩ සහ සීමිත පහසුකම් හේතුවෙන් වැඩිවන රෝගීන් සංඛ්‍යාවට පහසුකම් සැලසීමට අපොහොසත් වී තිබේ. මේ හේතුවෙන් දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට හෝ විශාල මුදලක් වැයකර පෞද්ගලික අංශයෙන් සේවාව ලබා ගැනීමට සිදුවී ඇත. මෙම ගැටළුවලට පිළියමක් ලෙස රුපියල් මිලියන 12,000 ක පිරිවැයක් දරමින් වැඩි ඉඩ පහසුකම් සහ නවීන උපාංගයන්ගෙන් සමන්විත මහල් 16 කින් යුතු ජාතික හෘද ඒකකය පිහිටුවීමට අවශ්‍ය මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කර තිබේ.