දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි...

by Staff writer 06-11-2025 | 9:23 AM

COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායු ගෝලීය තත්වයක් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2න් පසු වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි  තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.