.webp)
-603151.jpg)
COLOMBO (News 1st) -
නිව්යෝක් නුවරට තේරී පත් වූ ලාබාලතම නගරාධිපති ලෙස සොහොරාන් මම්දානි ඉතිහාසගත වේ.
නම - සොහොරාන් මම්දානි
නියෝජනය කළ පක්ෂය - ඩිමොක්රටික්
වයස - අවුරුදු 34
සොහොරාන් මම්දානි නිව්යෝක් නුවරට තේරී පත් වූ පළමු පළමු මුස්ලිම් ජාතික නගරාධිපතිවරයා ද වේ.
උගන්ඩාවේ උපත ලැබූ සොහොරාන්, දකුණු ආසියානු සම්භවයක් ඇති තරුණයෙකු වීමත් විශේෂත්වයක්.
මම්දානීගේ ප්රගතිශීලී අදහස් හේතුවෙන් ලෝකය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වුණි.
මම්දානීගේ මව, සම්මානනීය චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන මීරා නයර්.
සොහොරාන් මම්දානි නගරාධිපති ලෙස පත්වුවහොත්, නිව්යෝක් නුවරට රජයෙන් ලබාදෙන අරමුදල් පවා කප්පාදු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු ඇඟවන ලදි.
