.webp)
-603165.jpg)
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන අසල වැටලීමකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනකෙුගෙන් ලද තොරතුරක් මත මුල්ලේරියාවෙන් පිස්තෝලයක් සහ 9mm වර්ගයේ මැගසින් 01ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 35ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොටිඨාසයේ උ.පො.ප යූ.එල්.ආර් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රාජ්‍ය බුද්ධි කොටිඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව 2025.11.04 වන දින පාර්ලිමේන්තු මාර්ගයේ දියත උයන ආසන්නයේ ඇති පාලම අසලදී වැටලීමක් සිදුකර ඇත.එ
හිදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 30ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකරන ලද කරුණු විමසීමේදි විශේෂ කාර්ය බලකාය බුද්ධි කොටිඨාසයේ නිලධාරීන් විසින් අංක 125/A, මැද වැලිකඩ පාර, රාජගිරිය ලිපිණයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15, මිලි ග්‍රෑම් 39 ක්, මුදල් රුපියල් 146,000.00, ජංගම දුරකථන 03 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුකරන ලද වැඩිදුර පුශ්න කිරිමෙන් පසු බාරුන් තිලකරත්න මාවත, මුල්ලේරියාව ලිපිනයේ දී පිස්තෝල අවියක් සහ 09 mm වර්ගයේ පතුරම් 09ක් සහිත මැගසින් 01 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 35 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 11 ක කාලයක් සේවය කර ඉන් ඉවත් කරන ලද පුද්ගලයකු බවත් චූවා සමන්ත නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලිය සමග සම්බන්ධතා පනත්වන බව සහ ඒම පාර්ශවය මගින් මත්ද්‍රව්‍ය ලබා ගන්නා බවටත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත් දකුණ දිශාව වෙත භාර දී ඇත.
