නේපාලයේ හිම කඳු නාය යෑමකින් තුන්දෙනෙකු මරුට

නේපාලයේ හිම කඳු නාය යෑමකින් තුන්දෙනෙකු මරුට... තවත් හතර දෙනෙකු අතුරුදන්..

by Staff writer 04-11-2025 | 8:44 AM

COLOMBO (News 1st) - නේපාලයේ හිමාල කඳුවැටියේ යාලුන්ග් රායි කන්ද තරණය කිරීමට පැමිණි පිරිසක්  අනතුරකට ලක්ව තිබේ.

ඔවුන් රැදී සිටි කඳවුරු ආශ්‍රිත කොටස නාය යෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් ප්‍රංශ සහ නේපාල ජාතික පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇති අතර ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.