හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

හොරණ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

by Staff writer 03-11-2025 | 9:42 AM

COLOMBO (News1st) -හොරණ මීවනපලාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රීයේ මිය ගිය පුද්ගලයා සිය බිරිඳ සමග වෙළෙඳසැලකට ගොස් යළිත් නිවස කරා පැමිණෙමින් සිටියදී වෙඩි තැබිම සිදු කර තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ, වෙඩික්කරු සැඟව සිට වෙඩි තැබිම සිදු කර අනතුරු පලා ගොස් ඇති බවයි.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබිම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබිම සිදුව ඇතැයි පොලීසිය සැක පල කරයි.

වෙඩි තැබීමෙන් මිය ගියේ  45 හැවිරිදි පුද්ගලයෙක් මීවනපලාන සිරිල්ටන් වත්ත අක්කර 12 ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.