කඩවත-බණ්ඩාරවත්ත ප්‍රදේශයේ රථවාහන ගමනාගමන සීමා කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

by Staff writer 03-11-2025 | 5:35 PM

COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ (2025.11.01 වන දින සිට 2026.01.31 වන දින දක්වා ) පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බව මාර්ග සංර්වධන අධිකාරිය මඟින් දන්වා තිබේ.

ඒ අනුව, මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.

දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුල මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබයි.

එබැවින් එක් මං තීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුල එම මාර්ගයේ වාහන තදබදයක් ඇති වීමට ඉඩ කඩ ඇත.

එබැවින් එහි ඉදිකිරීම් සිදු කරනු ලබන කාලය තුල කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.