දුර්ලභ ගණයේ ඇරබියන් ඔරික්ස් උපතක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දුර්ලභ ගණයේ ඇරබියන් ඔරික්ස් උපතක්

by Staff writer 02-11-2025 | 7:26 PM

COLOMBO (News1st) -දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දුර්ලභ ගනයේ ඇරබියන් ඔරික්ස් උපතක් සිදුවිය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නිලධාරීන් පැවසුවේ, එම පැටවත් මවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

ඇරඹියන් ඔරිස් සත්ත්ව විශේෂය අයත් වෙන්නේ ගව වර්ගයටයි.

අරාබිකරයේ කාන්තාර මෙම සතුන්ගේ නිජබිම ලෙස සැළකෙයි.

මීට වසර ගණනාවකට පෙර ඇරබියන් ඔරිස් වදවීමේ තර්ජනයකට ලක්වී තිබුණි.

ඉන් අනතුරුව සිදුකළ ඇරබියන් ඔරික්ස් සතුන් යොදාගත් අභිජනන වැඩසටහන් මගින් එම සතුන්  වර්ධනය කරීමට හැකියාව ලැබී තිබේ.