ගණේමුල්ල සංජීව ඝාතනය - පංච පුද්ගල සැලසුමක්

ගණේමුල්ල සංජීව ඝාතනය - පංච පුද්ගල සැලසුමක් බව හෙළිවෙයි..

by Staff writer 02-11-2025 | 7:35 PM

COLOMBO (News1st) -ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය පුද්ගලයින් පස් දෙනෙකුගේ සැලසුමකට සිදුකර ඇතැයි විමර්ෂණ වලදී අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ, රැඳවුම් භාරයේ පසුවන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී ඒ බව අනාවරණය වූ බවයි.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, දරූන්, ඉශාරා සෙව්වන්දි සහ වෙඩික්කරු ලෙස කටයුතු කළ සමිදු දිල්ශාන් ඝාතන සිද්ධියේ සැලසුම්කරුවන් බව පොලීසිය පැවසුවේ ය.

පසුගිය පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ දී ගනේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කෙරිණ.