.webp)
-602940.jpg)
COLOMBO (News 1st) - රථ වාහන වරදක් සිදු කර පොලිස් සංඥා නොතකා මෝටර් රථයක් ධාවනය කළ කාන්තාවක් ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ , ඇය අද පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
අදාළ කාන්තාව පොලිස් නිලධාරින්ට බැණ වදිමීන්, කලහාකාරි ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වෙයි.
එහිදී ඇය පවසන්නේ, තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුග නැගණිය බවයි.
මේ පිළිබඳව පැහැදිලි කරමින් පොලිසිය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ ය.
එහි දැක්වෙන්නේ කොටුගොඩ , උඩුගම්පොල මාර්ගයේදි රථ වාහන වරදක් කර ඇති එම කාන්තාව රථය නැවැත්වීමට සංඥා කිරිමේදි එය නොතකා ධාවනය කළ බවයි.
අනතුරුව පොලිසිය මෝටර් රථය හබා ගොස් උඩුගම්පොල පොල්වත්ත හංදිය ප්‍රදේශයේදි එය පරීක්ෂා කර තිබේ.
එම ස්ථානයෙන් ද ඇය මෝටර් රථය ඉදිරියට ධාවනය කර ඇති අතර සැකකාරිය අත්අඩංගුවට ගත්තේ ය.
තමා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය බවට, කාන්තාව කල ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පවසන පොලිසිය එවැනි සබඳතාවක් නොමැති බව ද අවධාරණය කරයි
ඒ අනුව අන්තරායකර ලෙස රිය ධාවනය , අපරික්ෂාකාරි රිය ධාවනය , පොලිස් සංඥා නොතකා රිය ධාවනය , සාපරාධි බලහත්කාරය පෑම සහ අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළේ ය.
