.webp)

COLOMBO (News 1st) - මහනුවර හන්තාන රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මානා කැළයක ගින්න හටගෙන ඇති බවයි.
ගින්න මැඩපැවැත්වීමට යුද හමුදාව , වන සංරක්ෂණ නිලධාරීන් , පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව කටයුතු කරමින් සිටින බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය..
