ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

by Staff writer 31-10-2025 | 10:36 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 5 කින් ය.

එහි නව මිල, රුපියල් 294 කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල, රුපියල් 5 කින් ඉහළ දමා තිබේ.

ඒ අනූව එහි නව මිල දැක්වෙන්නේ, රුපියල් 318 ක් ලෙසයි.

සෙසු ඉන්ධන වර්ග වල මිල සංශෝධනය කර නැහැ.

මාසික ඉන්ධන මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරමින්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඒ බව නිවේදනය කළේ ය.