වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

by Staff writer 31-10-2025 | 6:08 PM

COLOMBO(News1st) - රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඔහු අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

2015 වසරේදී කිසිදු අවශ්‍යතාවක් නොමැතිව නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව තාවකාලික ගබඩා 50 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.

ඒ හරහා රජයට රුපියල් 9 කෝටි 96 ලක්ෂ 79 799 යි සත 70 ක පාඩුවක් හා එම වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශවයක් වෙත සළසා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වන බව, අල්ලස් කොමිසම සදහන් කළේ ය.