.webp)
 MFMFMFMFF-602773.jpg)
ඒ්, කොළඹ පිහිටි කැපිටල් මහරාජා සමූහයේ මූලස්ථානයේදී ය.
කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා සහ රේඩියෝ රුමේනියා කලාපීය මහලේකම් ෆ්ලොරින් බෲස්ටන් මහතා (Florin Brușten) සහ රේඩියෝ රුමේනියා කලාපීය මාර්ගගත සම්බන්ධීකාරක ඇන්ඩ්‍රි ක්රෙටෝයු මහතා (Andrei Crețoiu) ඇතුළු රුමේනියානු නියෝජිත පිරිසක් අතර මෙම ගිවිසුම සිදු විය.
මෙම හවුල්කාරිත්වය මගින් දැනට රුමේනියාවේ වෙසෙන 15,000කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙරට සිදුවන සියලු දේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ් සඳහා උණුසුම් පුවත්, විනෝදාස්වාදය සහ ශ්‍රී ලංකාවට ආවේනික සංස්කෘතික පුවත් ඇතුළත් ය.
මෙම සහයෝගීතාවය තුළින් Radio Romania හරහා රුමේනියාවට පැමිණෙන සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් නිර්මාණය කරන ලද ඔවුන්ගේ Work and Live වෙබ් අඩවියේ මහරාජා මාධ්‍ය ජාලයේ ගුවන්විදුලි සහ
ප්රවෘත්ති අන්තර්ගතයන් ඇතුළත් කරනු ඇත.
FM, AM තරංග සහ වෙබ් නාලිකා සහිතව සිංහල සහ දෙමළ ඇතුළු භාෂා 18කින් Radio Romania , එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්බිම පිළිබඳව දැනුවත්වීමට සහ ආත්මීයව සම්බන්ධ වී සිටීමට නව පාලමක් වනු ඇත.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ශෙවාන් ඩැනියෙල් මහතා පැවසූයේ මෙවැන්නක්..
“අපේ අරමුණ ලෝකයේ කොතැනක සිටියත් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කිරීමයි.
මෙම හවුල්කාරිත්වය අපගේ සීමාවන් ඉක්මවා යාමට, අප කවුරුන්ද යන්න තීරණය කරන හදවත් සහ පුවත් සම්බන්ධ කිරීමට උපකාරී වනවා”
සිරස මාධ්‍ය ජාලය යනු, ශ්‍රී ලංකාවේ විශාලතම ස්වාධීන මාධ්‍ය ආයතනය වන අතර, රූපවාහිනී නාලිකා තුනක්, ගුවන්විදුලි නාලිකා පහක් සහ දිනපතා මිලියන ගණනක් වෙතට වේගයෙන් ව්‍යාප්ත වන ඩිජිටල් අවකාශයන් සතුයි.
විදෙස්ගත ලාංකිකයින් සහ ශ්‍රී ලංකාව, මාධ්‍ය , සංස්කෘතිය සහ ප්‍රජාව අතර අර්ථවත් සම්බන්ධතාවයන් වර්ධනය කිරීමට මහරාජා මාධ්‍යයෙහි මෙම සහයෝගිතාව, ගෝලීය ගමන්මගේ තවත් එක් පියවරක් සනිටුහන් කරනවා.
