.webp)
-602779.jpg)
COLOMBO (News 1st) - කොළඹ 07 මල් පාරේ ගොඩැනැගිල්ලක වහලයක් මත තිබී කදුළු ගෑස් උණ්ඩ 10ක් සොයාගෙන තිබේ.
ලද තොරතුරකට අනූව එම උණ්ඩ තොගය සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
අරගල සමයේ කිසියම් පුද්ගලයෙකු එම කදුළු ගෑස් උණ්ඩ වහලය මත සඟවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, කුරුඳුවත්ත පොලීසියයි.
මේ අතර කොළඹ කොටුවේ රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ වහලය මත තිබී ටී 56 ගිනි අවි සදහා භාවිත කරන උණ්ඩයක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවි උණ්ඩයක් සොයාගෙන ඇතැයි පොලීසිය සදහන් කරන ලදි.
