.webp)
-602682.jpg)
COLOMBO (News 1st) - තිස්සමහාරාම ප්‍රදේශයේ ඉපැරණි දාගැබක කැණීමක් ආරම්භ කර තිබේ.
පුරාණ මාගම රාජධානි සමයට අයත් බව කියන එම දාගැබ අඩි 60ක විශ්කම්භයකින් යුක්ත බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් කුරේ මහතා සඳහන් කළේ ය.
ඉදිකිරීම් අවධි දෙකක නෂ්ටාවශේෂ ඉන් මතුවෙමින් ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදි.
දකුණු ලක ඉදිවූ තිස්සමහාරාම දාගැබ, යටාල වෙහෙර හා සඳගිරිය දාගැබ වැනි දාගැබ් ඉදිකළ සමයේ එම දාගැබද ඉදිකරන්නට ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
