.webp)
-602676.jpg)
COLOMBO (News 1st) - පාසල් පවත්වන වේලාව පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමත් සමග නව කාලසටහන් අනුව සිසුන්ට ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ප්‍රවාහන අමාත්‍යංශය සමග මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.
ඒ අනුව දැනට සිසු සැරිය ඇතළු සියලු බස් සේවා පාසල් නව කාලසටහන් අනුව සංශෝධනය කර ධාවනය කරන බව ඔහු ප්‍රකාශ කරන ලදි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජනවාරියේ සිට පස්වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලු පන්ති පැවැත්වෙන කාලය පස්වරු 2 දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ලදි.
