'මොන්තා' අද චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේවි

'මොන්තා' අද චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවට අනාවැකි..

by Staff writer 28-10-2025 | 9:10 AM

COLOMBO (News1st) -මොන්තා සුළි කුණාටුව -අද දිනයේදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරින් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, එම සුළි කුණාටුව අද සන්ද්‍යා කාලයේදි අන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයට ක්‍රමයෙන් ඇතුළු වනු ඇතැයි අපෙක්ෂා කරන බවයි.

ඒ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුවට ඔබ්බෙන් වු ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධිවර සහ නාවුක කටයුතුවලින් වැළකි සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාළගුණයට සිදුවූ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ය.