.webp)
-602566.jpg)
එය නම් කර ඇත්තේ, "මොන්තා" නමින්.
මොන්තා ඊයේ රාත්‍රීයේ නිරිතදිග සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ඉහල, මුලතිව් සිට කිලෝමීටර් 610ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවැතියේ ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කර හෙට දිනයේ චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වී, අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.
ඒ අනුව නැවත දැනුම් දෙනතුරු, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද විටින් විට පැයට කිලෝ මීටර් 50 සිට 60 පමණ දක්වා ඉහළ යා හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 සිට 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
