රේගුවේ සිරවී ඇති වාහනවලට මොකද වෙන්නේ ?

රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට ගැසට් නිවේදනයක්

by Staff writer 25-10-2025 | 10:53 PM


COLOMBO (News1st) - මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා  ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ(24) සිට බලපැවැත්වෙන පරිදියි.

මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර ලබාදුන්නද වාහන දහසකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබුණි.

ඒ 2013 අංක 02 දරන ආනයන හා අපනයන ගැසට් නිවේදනයේ රෙගුලාසිවලට පටහැනිව අදාළ වාහන ආනයනය කිරීම හේතුවෙන් ය.

මෙම නව ගැසට් නිවේදනයට අනුව වරායෙන් නිදහස් කර ගැනීම සඳහා අවසර ලැබෙන්නේ ආනයන කරන ලද රටින් බැහැරව වෙනත් රටකින් විවෘත කරන ලද ණයවර ලිපිවලට අදාළවන වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් බව සඳහන් වේ.

ඒ අනුව මෙම වාහන නිදහස් කිරීමට අදාළ කොන්දේසි ගණනාවක් වාහන නිදහස් කිරීමේදී සහ ලියාපදිංචි කිරීමේදී මෙම ගැසට් නිවේනදය මගින් ඉදිරිපත් කර තිබේ.