.webp)

පසුගිය බදාදා ඉන්දූර්හිදී පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් පසුදින උදෑසන එම ක්‍රීඩිකාවන් දෙදෙනා අවන්හලක් වෙත යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ඔස්ට්‍රේලියා පවසන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩකයින් දෙදෙනා වෙත ළං වී නුසුදුසු ලෙස ඔවුන්ව ස්පර්ශ කළ බවයි.
පසුව කණ්ඩායම විසින් ඒ පිළිබඳව එරට පොලීසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ එරට පොලීසිය විසින් දැඩි උපායමාර්ගික මෙහෙයුමකින් පසු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
ඕස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා තරගය අද පැවැත්වෙන්නේ ද එම ක්‍රීඩිකාවන් මෙම සිද්ධියට මුහුණ දුන් ඉන්දියාවේ, ඉන්දූර්හිදීය.
