වෙනිසියුලා ජනපතිගෙන් අමෙරිකාවට චෝදනා

අලුත් යුද්ධයක් නිර්මාණය කරන බවට,වෙනිසියුලා ජනපතිගෙන් අමෙරිකාවට චෝදනා

by Staff writer 25-10-2025 | 6:16 PM

COLOMBO (News1st) -අමෙරිකාව අලුත් යුද්ධයක් නිර්මාණය කරන බව, වෙනිසියුලානු ජනපති නිකොලස් මධුරෝ පවසයි.

ඒ, අමෙරිකාව ලොව විශාලතම යුද නෞකාව කැරිබියන් දූපත් ආසනනයට යැවීමට නියෝග කිරීමෙන් පසුවයි.

යූ එස් එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවෙන් යුධ ගුවන් යානා 90 ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතියි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේ, මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානය කරන නායකයෙකු බවටයි.

කෙසේ වෙතත් වෙනිසියුලානු ජනපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

පෙන්ටගනය ඊයේ නිවේදනය කළේ මෙම නෞකාව මධ්‍යම ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ කැරිබියන් දූපත් කලාපයට යොදවන බවයි.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමේ හා ජාත්‍යන්තර අපරාධ සංවිධාන විසුරුවා හැරීමේ අපේක්ෂාවෙන් ය.