.webp)

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවන් 30 කට ආසන්න පිරිසකගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් එම විමර්ශන සිදු කෙරෙනු ඇත.
මේ වන විට විටත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් එවැනි දේපොළ කිහිපයක් හඳුනා ගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.
රුපියල් කෝටි පහක් වටිනා ගම්පහ කෙහෙල්බද්දර ප්රදේශයේ පිහිටි පර්චස් 28 ක් ඒ අනුව පසුගියදා ක්රියා විරහිත කෙරුණි.
ලොකු පැටී නැමති අපරාධකරුට අයත් නීති විරෝධී දේපොළ කිහිපයක්ද මේ වන විට හඳුනා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම දේපොළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
