ඉෂාරාට සහය වූ ආනන්දන් සතුව තිබි පිස්තෝල දෙකක්...

ඉෂාරාට රටින් පලා යන්න සහය දුන් ආනන්දන් සතුව තිබි පිස්තෝල දෙකක් සොයා ගැනේ.

by Staff writer 23-10-2025 | 10:29 AM

COLOMBO(News1st) - ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරීය වන ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පළා යාමට සහය දුන් ආනන්දන් නැමති සැකකරු සන්තකයේ තිබී නවීන වර්ගයේ පිස්තොල 2ක් සොයාගෙන තිබේ.

ඒ , ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වලදියි.

එම ගිනි අවි  විදේශ රටක නිශ්පාදිත බව පොලීසිය පවසයි.

අන්දන් නැමැති සැකකරු මීට පෙරද  අවස්ථා කිහිපයකදී සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකුට නීති විරෝධීව ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් පලායාමට සහය ලබා දී තිබෙන බවට කරුණු අනාවරණය වී තිබේ.

ගනේමුල්ල සංජීව ඝ‍ාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට සහ රටින් පලා යෑමට සහය දීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6කී.