වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඉලක්ක කර වෙඩි තැබීමක්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඉලක්ක කර වෙඩි තැබීමක්. - පොලීසිය

by Staff writer 22-10-2025 | 11:00 AM

COLOMBO(News1st) - වෙඩි  තැබීමකින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තා තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ අද(22) පෙරවරුවේ ඔහු ප්‍රදේශීය සභාවේ රැඳී සිටියදී එහි පැමිණි පුද්ගලයෙකු එම වෙඩි තැබීම කර ඇති  බවයි.

වෙඩි තැබිම  සැකකරුවන් පැමිණ ඇත්තේ  යතුරු පැදියකින් ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ සමගි ජනබලවේගයෙන් තරග කළ ලසන්ත වික්‍රමසේකර මහතා එහි සභාපතිවරයා ලෙස පත්විය.