.webp)
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලොකු පැටී අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධවයි.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, ලොකු පැටී අධිකරණයට ඉදිරිපත් කළේ සූම් ඔස්සේයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිනේෂ් කුමාර නැමැති දේවාල කපුවා මත්ද්‍රව්‍ය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා විමර්ශන සිදුකළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
රුපියල් කෝටි 33 කට අධික මුදල් ඇතුළත් මොහුගේ ගිණුම් හමුවී ඇති බවත් එම මුදල් උපයාගත් ආකාරය පැහැදිලි කිරීමට මොහුට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් පොලීසිය පැවසුවේය.
මොහු කුමන පනතක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නේදැයි අද ඉදිරිපත් කළ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන 24 වැනිදා යළි කැඳවන ලෙස නියම කළේ ය.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, මෙම සැකකරුට ඉදිරිපත් කරන චෝදනා මොනවාදැයි එදිනට සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.