මනූෂ නානායක්කාර FCIDයට පැමිණෙයි

මනූෂ නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ FCIDයට පැමිණෙයි

by Staff writer 22-10-2025 | 2:43 PM

COLOMBO(News1st) - හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කාර්යාංශය හමුවට අද(22) පෙරවරුවේ පැමිණියේය.

පොලීසිය පැවසුවේ,උපයාගත් දේපල සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අද දිනයේ මනූෂ නානායක්කාර, ඔහුගේ බිරිඳට හා මවට පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කාර්යාංශය පෙනී සිටින ලෙස දැනුම් දුන් බවයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා හා ඔහුගේ බිරිඳ එලෙස පැමිණ තිබේ.

මනූෂ නානායක්කාර මහතා දේශපාලනයට පිවිසි දා සිට මේ දක්වා උපයා ගත් දේපල සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ පාදක කරමින් එම විමර්ශනය සිදු කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මෙම විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මීට පෙරද  පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටියේය.