රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට,10කට තුවාල

මන්නාරමේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට,10 දෙනෙකුට තුවාල

by Staff writer 22-10-2025 | 3:07 PM

COLOMBO(News1st) - මන්නාරම පරයානකුලම් ප්‍රදේශයේ 35 වැනි කිලෝ මීටර් කණුව අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ දෙස සිට මන්නාර බලා ධාවනය වූ  බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

තුවාල ලැබුවන් අතර මන්නාරම මහේස්ත්‍රාත්වරයා ද සිටින බව පොලීසිය ප්‍රකාශ කළේ ය.