COLOMBO(News1st) -රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් ගම්පහ කෙහෙල්බද්දර පිහිටි ඉඩමක් හා එහි ඉදිකළ ගොඩනැගිල්ලක් ක්රියා විරහිත කර තිබේ.
පර්චස් 29 ක් විශාල එම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි පහකට අධිකයි.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ විමර්ශනයකින් අනතුරුව එම දේපල ක්රියා විරහිත කළ බව පොලීසිය පවසයි