.webp)
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඖෂධ සඳහා හඳුන්වා දුන් මිල සූත්‍රය ඊයේ(21) පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමග ඒ සඳහා නීතිමය රැකවරණය ලැබී ඇති බවයි.
ආනයනික ඖෂධ ඇතැම් සමගම් විසින් අධික මිලක් යටතේ අලෙවි කිරීමට පියවර ගෙන තිබුණි.
මේ හේතුවෙන් රෝගී ජනතාව දැඩී පීඩාවට පත්වූ බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
නව මිළ සූත්‍රය අනුව මෙරට ලියාපදිංචි කරන හා ලියාපදිංචි කළ සියලු ඖෂධ සඳහා උපරිම සිල්ලර මිළක් මෙන්ම සීමා මිලක්ද පැනවේ.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවීක්‍රම මහතා සඳහන් කළේ, නව මිළ සූත්‍රයෙන් ඖෂධ මිළ අඩු කිරීමට හැකි වීමත් සමග රෝගී ජනතාවට විශාල සහනයක් හිමිවන බවයි.