.webp)
ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 10 කි.
බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක වන්නේ, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල සහ කෑගල්ලයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 473 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 153 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 76 දෙනෙකු පීඩාවට පත්වී තිබේ.
වැසි සමග සිදුවූ ආපදා හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබේ.
අනුරාධපුර තඹුත්තෙගමදී 57 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණේ, ජල පහරකට හසුවීමෙන් ය.
අනෙක් පුද්ගල මරණය, කෑගල්ල දෙහිඕවිට ප්‍රදේශයෙන් වාර්තා වේ.
ජල පහරකට හසුව මියගොස් ඇති පුද්ගලයාගේ වයස, අවුරුදු 50 කි.
වාර්තා වන අර්ධ නිවාස හානි සංඛ්‍යාව, 142 ක්.
මේ අතර දැදුරු ඔය සහ මහ ඔය තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දැදුරු ඔය ගංවතුර අවදානම් මට්ටමේ පවතින්නේ, මොරගස්වැව ප්‍රදේශයෙන්. වන අතර බඩල්ගම ප්‍රදේශයෙන් මහ ඔය අවදානම් මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ, ගංවතුර තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසයි.
දිස්ත්‍රික්ක 9 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම, තවදුරටත් බලාත්මකයි.
එම දිස්ත්‍රික්ක වන්නේ, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයි.
මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළව ගිලා බැසීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙයි!
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත් වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල ද, පස්වරු 1 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, තද සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
පවතින තත්ත්වය හමුවේ බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සුළං වේගය, පැයට කිලෝමීටර 55 - 65ත් දක්වා වැඩි විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.