අපරාධ විමර්ශනයට අදාළව පොලීසියට අලුත් කොට්ඨාසයක්

අපරාධ විමර්ශනයට අදාළව පොලීසියට අලුත් කොට්ඨාසයක්

by Staff writer 20-10-2025 | 2:40 PM

COLOMBO(News1st) - අපරාධයකින් උත්පාදිත දේපොළ විමර්ශන කොට්ඨාසය අද විවෘත කෙරිණ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා නව කොට්ඨාශය පිහිටුවා තිබේ.

එමගින් නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදු කිරීමට නියමිතයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතායි.