වහාම සිය රට බලා පිටත්ව යන්න..

වහාම සිය රට බලා පිටත්ව යන්න.. - ඇෆ්ගන් සරණාගතයින්ට පාකිස්ථානයෙන් නියෝග..

by Staff writer 18-10-2025 | 2:16 PM

COLOMBO (News 1st) - වහාම සිය රට බලා පිටත්ව යන්නැයි සියලු ඇෆ්ගනිස්තාන සරණාගතයින්ට පාකිස්ථානය නියෝග කර තිබෙනවා.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කළේ, වලංගු පකිස්ථාන වීසා බලපත්‍ර හිමි ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට පමණක් සිය රට තුළ සිටීමට අවසර හිමිවන බවයි.

දශක ගණනාවක් පුරා යුද්ධයෙන් බැටකෑ අසල්වැසියන්ට ලබාදුන් ආගන්තුක සත්කාර අදින් අවසන් වන බව, ඔහු ප්‍රකාශ කළේ, සියලු සරණාගත කඳවුරු වසා දමන්නැයි ද නියෝග කරමින් ය.

පාකිස්ථානයේ පවතින ඉඩම් සහ දේපොළ මිලියන 250 ක් පමණ වන එරට වැසියන්ට පමණක් අයත් ඒවා බව ද, ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඇෆ්ගනිස්ථාන සරණාගතයින්ට පිටව යාම සඳහා අතිරේක පිටවීමේ දොරටු ස්ථාපිත කිරීම ද ආරම්භ කර තිබේ.