මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ඉහළට..

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවයි..

by Staff writer 18-10-2025 | 10:39 PM

COLOMBO (News1st) - වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා තිබේ.

ඒ අනුව මෙතෙක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1801,151 කි.මේ මාසේ මුල් දින 15 පමණක් සංචාරකයින් 75,657ක් මෙරටට පැමිණ තිබේ.

වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 396,274 කි.

එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය,ඔස්ට්‍රේලියාව,නෙදර්ලන්තය හා අමෙරිකාවෙන් ද වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

මේ අතර වසරේ පළමු මාස 9 තුළ සංචාරකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,472.9 ක ආදායමක් ලැබී තිබුණි.

පසුගිය වසරේ එය දැක්වුණේ, අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක් ලෙසයි.

පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2,053,465 කි.