යුද්ධය වහාම නතර කළ යුතුයි - ඩොනල්ඩ් ට්‍රම්ප්

රුසියා - යුක්‍රේන යුද්ධය වහාම නතර කළ යුතුයි - ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 18-10-2025 | 9:57 AM

COLOMBO (News 1st) - රුසියා - යුක්‍රේන යුද්ධය වහාම නතර කළ යුතුයි බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි සමග ධවල මන්දිරයේ පැවති හමුවෙන් අනතුරුව ඔහු ඒ බව සදහන් කළේ ය.

ඝාතන නතර කරන්නැයි තමා රුසියා සහ යුක්‍රේන ජනාධිපතිවරුන්ට දැනුම් දුන් බව, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පැය දෙකකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවේදී යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

යුක්‍රේන ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අරමුණක් වූයේ, යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය දිගු දුර මිසයිල අමෙරිකාවෙන් ලබා ගැනීමය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද, අමෙරිකානු ජනාධිපතිවරයා ආයුධ ලබාදීම වෙනුවට යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ බව, යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරන ලදි.

අමෙරිකානු ජනාධිපතිවරයා ලබන සතියේ රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවීමට නියමිතය.

හංගේරියාවේදී පැවැත්වෙන එම හමුවේදී සාම ගිවිසුමක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වෙතැයි අමෙරිකානු ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

රුසියා - යුක්‍රේන යුද්ධය ආරම්භ වී මේ වන විට වසර, තුනක් ගත වී තිබේ.