.webp)
COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර තරගය අද පැවැත්වේ.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.
මේ අතර තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 10කින් ජය ගත්හ.
කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කළේ 12වැනි පන්දු වාරයේදීය.
තරගය නැවතත් ආරම්භ වුණේ එක් ඉනිමක් පන්දුවාර 20කට සීමා කරමිනි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 105ක් රැස් කළේ ය.
ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 121ක ඉලක්කයක් හිමි වුණි.
ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 5කදී කිසිවෙක් නොදැවී නියමිත ඉලක්කය පසු කරන ලදි.
තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.