.webp)
COLOMBO (News1st ) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව , මධ්‍යම , ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකියි.
තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක10කට අද පස්වරුවේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.
බදුල්ල , ගාල්ල , ගම්පහ , මහනුවර , කෑගල්ල , කුරුණෑගල , මාතලේ , මොණරාගල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.