.webp)
COLOMBO (News 1st) - 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය අද (17) පැවැත්වේ.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
තරගාවලියේ 18වැනි තරගය මෙයයි.
කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගී වන 5වැනි තරගය මෙය වේ.
තරගාවලි ලකුණු සටහනට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම 3වැනි ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින්නේ 7වැනි ස්ථානයේය.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 4න් 2ක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණි.
දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ තරග 4න් 3ක් ජය ගත්හ.
කණ්ඩායම් දෙක අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග ගණන 20කි.
එයින් තරග 14ක් ජය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.
තරග 4ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාවෙන් සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.