අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 1.00න් පසුව වැසි

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 1.00න් පසුව වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 17-10-2025 | 8:03 AM

COLOMBO (News 1st) - අදත් දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට පස්වරු එකෙන් පසු වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ බස්නාහිර , සබරගමුව, මධ්‍යම, ඌව, උතූරු මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 කට වැඩි තරමක  තද වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර හා දකුණු පළාත්වල උදෑසන කාලයේත් වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිකව තද සුළං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.