ඉෂාරා සෙව්වන්දි ඇතුළු 04 ගැන රැඳවුම් නියෝග-පොලීසිය

නේපාලයේදී කොටුවූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 04 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය කියයි

by Staff writer 16-10-2025 | 10:12 AM

COLOMBO (News 1st) - නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන, ඉෂාරා සෙව්වන්දි ඇතුළු 04 දෙනෙක් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

ඉෂාරා සෙව්වන්දි , ජේ.කේ බායි , සුරේෂ් සහ තක්ෂි නැමැති සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජිව ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ඉෂාර සෙව්වන්දි ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමට කටයුතු කරන බව පොලීසිය සදහන් කළේ ය.

ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හය දෙනෙකු නේපාලයේදි අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් චන්දිම යන මහත්වරුන් නේපාල ආරක්ෂක අංශ සමග එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින්.

ගම්පහ බබා සහ ජම්බුගස්මුල්ලේ බබි ඇතුළු අපරාධකරුවන් ද අත්අඩංගුවට ගත් පිරිස අතරට ඇතුළත්.

ගම්පහ බබා නැමැත්තා පෑලියාගොඩ  දිසා අපරාධ කොට්ඨාශයටත්, ජම්බුගස්මුල්ලේ බබී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයටත් වැඩිදුර විමර්ශන සඳහා භාර දෙන ලදි.