වායුගෝලයේ කැළඹීමක්...ප්‍රදේශ රැසකට අද තද වැසි

වායුගෝලයේ කැළඹීමක්...ප්‍රදේශ රැසකට අද තද වැසි

by Staff writer 15-10-2025 | 8:51 AM

COLOMBO (News1st) - වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් අදත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ  බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත් වලට මෙන්ම ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට  මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං හා ප්‍රභල අකුණු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.