දකුණු මුහුදෙන් මත්ද්‍රව්‍ය කිලෝ 839ක් සොයා ගැනේ

දකුණු මුහුදෙන් සොයාගත් උරවලින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් සොයා ගැනේ.

by Staff writer 15-10-2025 | 9:05 AM

COLOMBO (News1st) -  තංගල්ල මුහුදේ පාවෙමින් තිබූ උරවල තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක්  සොයාගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසුවේ මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 51ක් පමණ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බවයි

එහිදි කළ පරීක්ෂා කිරීම්වලදී  අයිස් කිලෝග්‍රෑම් 670ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 156ක් හා හෂීස් කිලෝග්‍රෑම් 12 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

අදාළ මෙහෙයුම සිදු කර ඇත්තේ නාවික හමුදාව හා පොලීසිය ඒකාබද්ධවයි.

මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාසයට භාර දී තිබේ.