නීතීඥ වන්නිනායකගෙන් රීට් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

by Staff writer 15-10-2025 | 10:39 AM

COLOMBO (News1st) - තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසකි.

පසුගිය සිකුරාදා දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරීයෙකුගේ රාජකාරීයකට බාධාවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාලව පොලීසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන ඔහු පෙත්සමේ සඳහන් කර තිබේ.

එ බැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක මහතා මෙම රීට් පෙත්සමෙන් ඉල්ලා තිබේ.