.webp)
COLOMBO (News 1st) - අකුරට වැඩ කිරීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවීමට විදුලි වෘත්තිය සමිති තීරණය කර තිබේ.
ඒ, විෂය භාර අමාත්‍යවරයා හා බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් ලබාදීමට බලධාරීන් වාචිකව එකඟ වී ඇති බවය.
ඊට අදාළ ලිඛිත එකගතා ලැබීමෙන් පසු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බව එහිදී වෘත්තිය සමිති ප්‍රකශ කරන ලදි.
පසුගිය සැප්තැම්බර් මස 4 වැනිදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලට සෘජුව සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති 25 ක් අකුරට වැඩකිරිමේ සහ අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුණේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ඉල්ලීම් 24 ක් ඉදිරිපත් කරමිනි.
අනතුරුව වෘත්තීය සමිති සාමාජිකයින් ප්‍රසම්පාදන කමිටුවලින් ද ඉවත්වුණි.
මේ අතර ජනතාව සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන්, විදුලි බල සේවකයින්ගේ නිවාඩු ද පසුගියදා අවලංගු කෙරුණි.
විදුලිබල සැපයීමට අදාළ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිටත් බලාත්මකය.