.webp)
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගනේමුල්ලේ සංජීව නැමැත්තා අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය, නේපාලයේ ආරක්ෂක අංශ සමග එක්ව කළ විශේෂ මෙහයුමකදීය.
ඇය සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලෙීසිය ප්රකාශ කලා.
නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාර සෙව්වන්දි ඇතුළු පිරිස හෙට(15) දිවයිනට රැගෙන ඒමට කඩිනමින් පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.