මත්ද්‍රව්‍ය බවට සැක උර 50 ක් සොයා ගනියි

දකුණු මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය බවට සැක උර 50ක් සොයා ගනියි

by Staff writer 14-10-2025 | 6:31 PM

COLOMBO (News1st) - දකුණු මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය බවට සැකකරන උර තොගය මේ වන විට තංගල්ල ධිවර වරායට රැගෙන එමින් ඇතැයි, නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක,  කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කලේ මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය බවට සැකකරන උර 50ක් සොයාගත් බවයි.

නෞකා සහ නාවික යාත්‍රා උපයෝගි කරගනිමින් දකුණු මුහුදේ තවදුරටත් සෝදීසි මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙහෙයවීමෙන් ද විශේෂ  විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.