.webp)
COLOMBO (News 1st) - ගාසා තීරයට සාමය ලබා දීම වෙනුවෙන් වන ගාසා සාම සැලැස්මට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
ඒ ඊජිප්තුව, තුර්කිය සහ කටාර් නායකයින් එක්වය.
එම සාම සමුළුව රටවල් 20කට වැඩි සංඛ්‍යාවක නායකයින්ගේ සහභාගිත්වයෙන් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවත් වුණි.
එහිදී ගිවිසුමේ ප්‍රධාන පාර්ශවයක් වන ඊශ්‍රායලය සහ හමාස් සංවිධාන ගිවිසුම අත්සන් කිරිමේ උත්සවයට සහභාගි වී නැහැ.
සාම සැලැස්මට අත්සන් තැබිමෙන් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ විනාශ වු ගාසා තීරය ගොඩ නැගිමට නැවත කාලය පැමිණ ඇති බවටය.
ඒ අනුව මෙම මොහොත කලාපීය සහ ගෝලිය මට්ටමේන් ඉතා සතුටු කාරණයක් බවත් සටන් විරාමය තහවුරු කිරීමට උදව් කළ කලාපීය නායකයින්ට සිය ප්‍රශංසාව පුද කරන බවද ඔහු පැවසුවේ ය.
මේ අතර එම අවස්ථාවට එක්වෙමින් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි පැවසුවේ මේ මොහොත වේදනාකාරී පරිච්ඡේදයක් අවසන් කළ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙසය.
එමෙන්ම ඊජිප්තුවේ ඉහළම ගෞරවය ලෙස සැලකෙන පිරිසිදු රත්තරන් වලින් සාදන ලද ඕඩර් ඔෆ් ද නයිල් නැමති සම්මානයද ඊජිප්තු ජනාධිපතිවරයා විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රධානය කර තිබේ.
එම අවස්ථාවට රටවල් 20 ක නායකයින් එක් වු අතර ඔවුන් මීට සති කිහිපයකට පෙර එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයටද සහභාගි වුණි.
ඒ අතර අමෙරිකාව විසින් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට සහභාගිවිම අවහිර කළ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ද වේ.
මෙම සාම සැලැස්ම සඳහා සැප්තැම්බර් 29 වැනිදා අමෙරිකානු ජනපති විසින් ධවල මන්දිරයේදි ඊශ්‍රායල ජනපති ව්ලැඩ්මියර් පුටින්ට නව සාම යෝජනාවක් ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව එම යෝජනාවට ඔක්තෝම්බර් 9 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුමැතිය ලබා දුන් අතර ඊයේ දිනයේ සිට සටන් විරාමය සහ සාම සැලැස්ම ක්‍රියාත්මක වුණි.
සාම සැලැස්මට අනුව හමාස් විසින් රඳවාගෙන සිටි අවසන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා ඊයේ (13) නිදහස් කරන ලදි.
එමෙන්ම ඊශ්‍රායලය ගාසා තීරයේ වසර දෙකක හමුදා මෙහෙයුම්වලදී රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ තවත් පලස්තීන ජාතිකයින් 1,700 කට වැඩි පිරිසක් නිදහස් කිරිම ද ඇතුළත් වේ.