මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව තවත් උණ්ඩ 1163ක්

මොරගහකන්ද ජලාශය ආශ්‍රිත මෙහෙයුමකදී ගුවන් යානා නාශක අවි උණ්ඩ 2ක් ඇතුළුව උණ්ඩ 1163ක් සොයා ගැනේ..

by Staff writer 13-10-2025 | 9:02 AM

COLOMBO (News 1st) - මොරගහකන්ද ජලාශය ආශ්‍රිත මෙහෙයුමකදී ගුවන් යානා නාශක අවි උණ්ඩ දෙකක් ඇතුළුව උණ්ඩ 1163 ක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, T 56 ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ 895 ක්, මිලි මීටර් 71 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 116 ක්, මිලිමීටර් 41 වර්ගයේ ගිනි අවි උණ්ඩ 10 ක්, මිලිමීටර් 78 වර්ගයේ ගිනි අවි උණ්ඩ  2 ක්,  මිලිමීටර් 84.5 වර්ගයේ ගිනි අවි උණ්ඩ 4 ක්, GMPG උණ්ඩ 134 ක් සොයා ගෙන ඇති බවයි.

එම මෙහෙයුමේදී ගුවන් යානා නාශක අවි උණ්ඩ 2 ක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, අදාළ උණ්ඩ තොගය කවුරුන් හෝ විසින් මෙම ස්ථානයේ සඟවා තැබුවා ද යන්න පිළිබඳව සොයා විමර්ශන පොලීසිය ක්‍රියාත්මක බවයි.

පොලීසිය සඳහන් කළේ, මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසළ අද දිනයේ ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.