මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 13-10-2025 | 8:58 AM

COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, බේරුවල මාගල්කන්ද ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ය.

එය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.